fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ මියාමි නගරයේ ගොඩනැගිල්ල කඩා වැටීම පිළිබද පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 14:40

ඇමෙරිකාවේ මියාමි නගරයේ ගොඩනැගිල්ල කඩා වැටීම පිළිබද පරීක්ෂණයක්

දහ අට දෙනෙකුට මරු කැදවමින් ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා හි මියාමි නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ල පිළිබද පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව අමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.

ෆ්ලොරිඩා හි මියාමි නගරයේ 12 මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් 18 දෙනෙකු මිය ගිය අතර 145 දෙනෙකු අතුරුදන් වුණා. 1980 වසරේ ඉදිකළ මෙම මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් පවතින බවට වසර 3 ක සිට අනතුරු අගවා තිබියදී මෙවැන්නක් සිදුවීම සොයා බැලීම අත්‍යාවශ්‍ය බවයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

පසුගිය 25 වනදා මෙම ගොඩනැගිල්ල කඩා වැටුණු අතර අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්