fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 13:06

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාවට පැමිණ තිබෙනවා.

ඉන්දියාව සීඝ්‍ර කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා කරන්නේ එරට කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අවස්ථාවකදීයි. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාවන මට්ටමටත් වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි හාරලක්ෂ පනස්තුන් දහස් නවසිය තිස් හතක් ලෙසයි දැක්වෙන්නේ.

මේ වසර අවසාන වන විට එරට ජනගහණයෙන් වයස අවුරුදු 30 ට වඩා වැඩි පිරිස සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඉන්දීය රජය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්