කොරෝනා නිසා රටේ සංවර්ධනය නතර කරන්නේ නැහැ – අගමැති
Related Articles
කොරෝනා ව්‍යසනය පැවතිය ද එය සාර්ථකව පාලනය කරමින් රටේ සංවර්ධනය ද අඛණ්ඩව සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සෞභාග්‍යා මංපෙත් විප්ලවය යටතේ ඉදි කෙරුණු ව්‍යපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේබව අවධාරණය කළා.
රට සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමේ ගමන්මග තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් බවට පත් කරමින් සෞභාග්‍යයේ මංපෙත් විප්ලවයේ ඵල ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. මේ යටතේ සංවර්ධන ව්‍යාපෘතින් කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමටයි කටයුතු කෙරුණේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යපෘතිය යටතේ යෝජිත සමුද්‍ර පහසුකම් සැළසීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා. මහල් 17 කින් සමන්විත මෙම ඉදිකිරීම සදහා රුපියල් මිලියන 4999 ක පිරිවැයක් දරා තිබුණා. වසර 2 කින් නිම කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණ තවදුරටත් සාක්ෂාත් කර ගැනීම අරමුණ වනවා. මහාමාර්ග ආමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ මෙම ඉදිකිරීම් සිදු කරනු ලබනවා.
මේ අතර රුපියල් මිලියන 127 ක පිරිවැයක් දරමින් පේරාදෙණිය රෝහල අසල පදික යටිබිම් මග ජනතා අයිතියට පත් කිරීම ද අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඩිජිටල් පුවරු තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණා. මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ අධික වාහන තදබදය, පරිසර දූෂණය, ජනතාවගේ අනාරක්ෂිතභාවයට පිළියමක් ලෙසයි.
රට ගෝලීය වසංගත තත්ත්වයක පැවතිය ද සංවර්ධනයේ ඉලක්ක තවදුරටත් සපුරා ගනිමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීම ත් අද සිදු කෙරුණා. ජනතාවගේ ගමනාගමනයේ පහසුව තකා ඉදිවුණ මෙම ඉදිකිරීම සදහා රුපියල් මිලියන 445 ක් වැය වී තිබෙනවා. මාස 5 කට අඩු කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම විශේෂත්වයක්.