කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් අටසිය හැටහතර දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හදුනා ගත්තා.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 259,089 ක්. 30,107 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 225,952 ක්. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පෙරේදා දිනයේ තහවුරු කළ කොවිඩ් නයින්ටීන් මරණ 47 න් 34 දෙනෙකුම අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්. අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 12 දෙනෙකු ද ඒ අතර වනවා.