fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 09:13

ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය චීනයේ ටියානන්මන් චතුරශ්‍රයේදී හැත්තෑදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. සැමරුම් උත්සවයට සහභාගී වී සිටි බහුතරයක් මුඛ ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්. සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජිං පිං පවසා සිටියේ චීනය ලොව කිසිඳු රටකට පීඩාවක් සිදු නොකරන බවයි. එහෙත් කිසියම් රටක් චීනයට පීඩා කිරීමට උත්සාහ කරන්නේ නම් එය වානේ පවුරක හිස ගසා ගැනීමක් ලෙස ඔහු හඳුන්වා  සිටියා. නූතන චීනයේ ඉදිරි ගමන වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ භූමිකාව ලොවටම ආදර්ශයක් බවයි ඔහු මෙහිදී පවසා සිටියේ. ලොව කිසිඳු රටකට චීනයට පීඩා කිරීමට හිරිහැර කිරීමට හෝ අත්පත් කර ගැනීමට කිසිවිටෙක ඉඩ නොතබන බව චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නා. අලංකාරවත් සංදර්ශනයකින් හා හමුදා උත්තමාචාර පෙළපාලියකින්ද කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සැමරුම් උත්සවය වර්ණවත් වී තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්