fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 10:17

දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ

විසිහත් ලක්ෂ අසූනවදහස් පන්සිය තිස්හතකට වැඩි පිරිසකට මේ වනවිට එන්නත ලබාදී තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (30) දිනයේ දී ලබාදුන් බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 91,759 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 79,236 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදුන්නා. ඒ අනුව ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 170,995 ක්.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 378,307 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දාහත්ලක්ෂ හතලිස්නව දහස් පන්සීය දෙනෙකුට ලබාදී තිබෙනවා. 684,352 නෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 14,427 ක්. කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2021 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්