පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයට
Related Articles
පුරවර විශ්වවිද්‍යාල පළමු අදියර කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අරම්භ කිරීමට නිපුණතා, සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
මෙහි දෙවන අදියර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිතයි.
ඒ පිළිබද සාකච්ඡාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා නිපුණතා, සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදි ශිෂ්‍යයින්ට වඩාත් ප්‍රියදායි පරිසරයක, පහසුකම්වලින් සමන්විත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.
තවද මෙම පුරවර විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අවශ්‍ය භූමි ප්‍රමාණය හා එහි ගෘහ නිර්මාණ කටයුතු පිළිබඳව ද අවධානය යොමු විය.