ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.
කළුතර දකුණ පොලිස් බල ප්රදේශයට අයත් මින්නේරිතැන්න සුනාමි ගම්මානය හා ගම්පහ මීගහවත්ත පොලිස් බල ප්රදේශයේ සියඹලාපේ වත්ත ග්රාම නිලධාරි වසමේ උපුල් වසන්ත මාවත හුදකලා බවින් නිදහස් කෙරුණා.
මාතලේ ලග්ගල පොලිස් බල ප්රදේශයේ කිව්ලවාඩිය හා ගුරුවෙල යන ග්රාම නිලධාරි වසම් මෙන්ම කෑගල්ල දෙහිඕවිට පොලිස් බල ප්රදේශයේ අල්ගොඩ ග්රාම නිලධාරි වසමේ ඩෙන්ස්වර්ත් වත්ත හුදකලා කිරීමෙන් ඉවත් කර තිබෙනවා.