අද (30) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බල ප්‍රදේශයේ කනුල්වෙල ප්‍රදේශය අලුතින් හුදකලා කෙරුණා. කෑගල්ල වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරි වසමේ නියදුරුපොල අංක 01 / 02 / 03 සහ 04 යන වතු නිවාස නව හුදකලා ලැයිස්තුවට ඇතුළත්.
එමෙන්ම දෙහිඔ්විට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරි වසමේ දේවාලකන්ද වත්ත කොටස හා එම පොලිස් වසමේම ගොඩම්පල ග්‍රාම නිලධාරි වසමේ පඹේගම වත්ත ද හුදෙකලා කෙරුණා.
කළුතර දොඩන්ගොඩ පොලිස් වසමේ ඇලදූව ග්‍රාම නිලධාරි වසමට අයත් ඇලදූව වත්ත හුදකලා කර තිබෙනවා.
ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණකොලනිගම ග්‍රාම නිලධාරි වසමේ දිවිතුරුවත්ත ද මෙම හුදකලා ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.