එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම හා හානිය ගැන විශේෂ සාකච්ඡාවක්
Related Articles
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න නිසා ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම හා හානිය ගැන විශේෂ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබා ගැනීම සදහා මෙම සාකච්ඡාව සිදුකෙරුණා. එමෙන්ම මෙරට ඇති ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වය පිළිබද තීරණ ගැනීම ද සාකච්ඡාවේ අරමුණක්. අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්වුණා.
නෞකාවේ ඇති වූ ගින්නෙන් ධීවර ප්‍රජාවට සිදුවූ හානිය සැළකිල්ලට ගෙන ඔවුන්ට කඩිනම් සහන සැළසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී ඇති බව මෙහිදි ප්‍රකාශ කෙරුණා. ඒ අනුව හානිය තක්සේරු කිරීම හා පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහය ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.