ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කෙරුණා. කොත්මලේ පොලිස් බල ප්රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර, පහළ ගොරකාඔය යන ග්රාම නිලධාරී වසම් හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ගම්පහ දිස්ත්රික්කයේ බියගම පොලිස් බල ප්රදේශයේ යටිහේන ග්රාම නිලධාරී වසමේ පොල්හේන පාර, ලේක් විව් පාර හා අයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් ප්රදේශය ද හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම මීගහවත්ත පොලිස් බල ප්රදේශයේ සියඹලාපේවත්ත ග්රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත, දේවාල පාර ,ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය, සියඹලාපේ වත්ත කදුබොඩ පාර යන ප්රදේශ හැර සෙසු ප්රදේශ හුදෙකලා බවින් ඉවත් කෙරුණා.
ගාල්ල, ඉදුරුව පොලිස් බල ප්රදේශයේ ගෝනගල ග්රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම හා අම්පාර සමන්තුරෙයි පොලිස් බල ප්රදේශයේ නව වලතපිටිය ගම්මානය ද හුදෙකලා බවින් ඉවත් කර ඇති බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ. එමෙන්ම මඩකලපුව වාලච්චේන පොලිස් බල ප්රදේශයේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර හා මැන්චකෝලායි බදුරිය ග්රාම නිලධාරී වසම ද හුදෙකලා බවින් ඉවත් කෙරුණා.