කැනඩාව වාර්තාගත රත්වීමක
Related Articles
වසර 84 ක් පැරණි වාර්තාවක් බිද දමමින් කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් හයයි දශම හයක් ලෙස වාර්තා වුණා. එය මෙතෙක් ඉතිහාසයේ කැනඩාවෙන් වාර්තා වූ උෂ්ණත්වයේ වැඩිම අගයයි. මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම අතිශය භයානක තත්ත්වයක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
කාලගුණ විපර්යාස අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාමට බලපා තිබෙනවා. මේ අතර ඇමරිකාවේ වොෂින්ටන්, ඔරිගන්, කැලිෆෝනියා හා අයිඩහෝ යන ප්‍රාන්තවල උෂ්ණත්වයද සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔරිගන් ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිත අවදානමක් පවා ඇතිව තිබෙන බව ඇමරිකා ජාතික කාලගුණික සේවය නිවේදනය කරනවා.
උෂ්ණත්වයේ බලපෑම අවම කිරීම සදහා ඇතැම් නගරයන්හි පොදු ස්ථානවල වායු සමනය කළ මධ්‍යස්ථාන ඉදිකර තිබෙනවා. වැඩිපුර ජලය පානය කිරීම, ශීත ආහාර ලබාගැනීම මෙන්ම හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වලකින ලෙසයි එරට කාලගුණික අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.