බස්රථ සහ දුම්රිය ගමන් වාර අද සිට ඉහළට
Related Articles
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්රථ සහ දුම්රිය ගමන් වාර අද සිට ඉහළ නංවා තිබෙනවා.
පසුගිය දා සිදු වූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
කෙසේ වෙතත් දුම්රිය මගීන් චෝදනා කරන්නේ ප්‍රමාණවත් තරම් දුම්රිය යොදවා නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මගීන්ගේ වැඩිවීම මත හෙට දිනයේදී වැඩි වශයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතු සොයා බලන බවයි.
මේ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයද පැවසුවේ අද සිට පළාත් තුළ ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව වැඩි කරන බවයි. බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇත්තේ ආසන ගණනට පමණක් බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ඒමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින් ප්‍රවාහනය සදහා පමණක් අන්තර් පලාත් අතර බස් රථ ධාවනය සිදු කිරීමටද නියමිතයි.
බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාවද අද සිට වැඩි කර තිබෙනවා.
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කිරීමට බස් නැවතුම්පොල වෙත බොහෝ පිරිසක් අද දිනයේ පැමිණ සිටියද ඒ සදහා අවස්ථාව හිමි වුයේ නැහැ.