fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා වැරදි වැලැක්වීමට විශේෂ විමර්ශන ඒකකයක්

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2021 18:35

ක්‍රීඩා වැරදි වැලැක්වීමට විශේෂ විමර්ශන ඒකකයක්

ජපානයේ ටෝකියෝ අගනුවරදී ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට   අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබෙනවා.

ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයේ රැදි සිටින කාලයේදී දිනකට ඇමරිකා ඩොලර් 40 බැගින් දීමනාවක් සහ ඇමරිකා ඩොලර් දස දහසක විශේෂ දීමනාවක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානය බලා ගමන් කිරීමට ව්‍යාපාරික පංතියේ ගුවන් පහසුකම් සලසා දී තිබෙනවා. ඔවුන්ගේ පුහුණුකරුවන්ට ඇමරිකා ඩොලර් පන්දහසක් සමග ඇමරිකා ඩොලර් 40 බැගින් දෛනික දීමනාවක් ලබාදීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 38 කට ආසන්න මුදලක් වැය කරනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු පුහුණුකරුවන් දස දෙනෙකු සහ නිලධාරීන් අට දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට එක්වීමට නියමිතයි.

මේ අතර ක්‍රීඩා වැරදි වැලැක්වීමට මහ ජනතාවට සමීප වන ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැන් ක්‍රියාත්මකයි. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය අසල මෙහි කාර්යාලය පිහිටුවා තිබෙනවා. ක්‍රීඩා කේෂ්ත්‍ර යේ යම් වරදක් සිදු වුවහොත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා මෙම ඒකකයට පැමිණිලි කළ හැකියි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2021 18:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්