fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට කඩුලු 8ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2021 09:14

එංගලන්තයට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු 20 යි 20 ජාත්‍යන්තර තරගයේ එංගලන්තය කඩුලු 8 ක ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු 20 යි 20 ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තා. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් තීරණය කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 129 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් චානක ලකුණු 50 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සදහා පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2021 09:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්