කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත අද අළුයම පැමිණි පුද්ගලයන් තුන් දෙනෙකු මෙසේ රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම පොදු දේපලවලටද හානි සිදු කර තිබුණා.
ප්රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් මුඛ ආවරණ පැලද නොසිටීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කළ අවස්ථාවේදියි ඔවුන් මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබෙන්නේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය අනෙක් පුද්ගලයා සොයා වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප්රකාශ කළා.
සැකකරුවන් මඩකුඹුරුමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ මොවුන් තිදෙනා බීමතින් සිට ඇති බවද වාර්තා වනවා.