විදෙස් ශ්‍රමිකයින් සඳහා ලොව ජීවන වියදම ඉහළම නගරය
Related Articles
විදෙස් ශ්‍රමිකයින් සඳහා ලොව ජීවන වියදම ඉහළම නගරය ලෙස ටර්ක්මේනිස්තාන් රාජ්‍යයේ අෂ්කබාත් නගරය නම් කර තිබෙනවා.
2021 වසරේ මර්සර් ජීවන වියදම් සමීක්ෂණය මඟින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා. මෙම සමීක්ෂණය මඟින් හොංකොන් නගරය දෙවන ස්ථානයටද ,ලෙබනනයේ බේරූට් නගරය තුන් වන ස්ථානයට සහ ජපානයේ ටෝකියේ නුවර හතරවන ස්ථානයටද නම් කර තිබෙනවා.
නිවාස ප්‍රවාහන , ආහාර වැනි වියදම් පිරිවැය මත මෙම වාර්තාව සකස් වී ඇති අතර මෙම වාර්තාව සඳහා නගර 209 ක් ශ්‍රේණිගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය වසරේදි මෙම සමීක්ෂණයට අනුව පළමු ස්ථානයේ පසුවුයේ හොංකොං නගරයයි.