දශක කිහිපයකට පසු ඉතියෝපියාවේ පළමු නිදහස් මැතිවරණය අද පැවැත්වෙනවා.
තම ඡන්දය භාවිතා කිරීම සදහා ඡන්ද දායකයන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය පාලන තන්ත්රයට නියෝජිතයින් පත් කර ගැනීමට නියමිතයි.
දශක කිහිපයක් පුරා එරට පැවති මර්දනකාරී පාලනයෙන් ඉවත් වෙමින් ප්රජාතන්ත්රවාදි ප්රවාහයට ඉතියෝපියාව එක් වීමට දරන මෙම වෑයම අගය කළ යුතු බවයි ජාත්‍යන්තර ප්‍රජාව පෙන්වා දෙන්නේ. 2018 වසරේ දි බලයට පැමිණි අග්‍රාමාත්‍ය අභි අහමඩ් ඔහුගේ පාලන කාලය තුළදී ආර්ථික හා දේශපාලනකි වශයෙන් රට ස්ථාවර කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළ පුද්ගලයෙකු ලෙස සැලකෙනවා. එරට ටීග්‍රේ ප්‍රාන්තයේ සටන්කාමීන් හා ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් පවත්නා මොහොතකයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ.