ඇමරිකාව හා උතුරු කොරියාව අතර ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් යහපත් ප්රතිචාරයක් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ නව උතුරු කොරියා නියෝජිතයා පවසනවා.
උතුරු කොරියාවත් සමග ඔ්නෑම මොහොතක ඔ්නෑම ස්ථානයකදී කිසිදු කොන්දේසි පැනවීමකින් තොරව සාකච්ඡා සදහා තම රට සූදානම් බව ඇමරිකා නියෝජිතයා තවදුරටත් සදහන් කරනවා. සාකච්ඡා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් උතුරු කොරියාව ප්රතිචාර දක්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ. උතුරු කොරියාව වෙනුවෙන් පත් කර ඇති ඇමරිකා විශේෂ නියෝජිතවරයා දින පහක සංචාරයක් සදහා දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදියි මේ බව පවසා සිටියේ. මේ අතර උතුරු කොරියා නායක කිංග් ජොන් උන් ඇමරිකාව සමග සාකච්ඡා සදහා සූදානම් බව පසුගිය සෙනසුරාදා පවසා තිබෙනවා.