සිවිල් ඉංජිනේරුවරයකු මෙහෙය වූ මත්කුඩු ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට හලාවත පොලීසියේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වුණා.
මැදවත්ත ප්‍රදේශයේ පදිංචි සිවිල් ඉංජිනේරුවරයකු මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති අතර ඔහු පසුගිය 17 වනදා අත්අඩංගුවට ගනු ලැබුනා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ හිටපු හමුදා සෙබලෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයී.
මෙසේ අත්අඩංගුවට ගැනුණු මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 300 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් වන බවයි පොලීසිය පවසන්නේ.