ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ ජන නායකයාගේ 72 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
වර්ෂ 1949 වසරේ ජුනි 20 වනදා මාතර පාලටුව ග්‍රාමයේ දී ඩී ඒ රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මැතිණියට දාව මෙලොව එළිය දුටු මෙම ගෝඨාභය රාජපක්ෂ නැමති පිංවත් කුමරා පසුකාලීනව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අද්වීතිය නායකත්වයට එක්වුණා.
කොළඹ ආනන්ද විදුමව් තුරුලේදී ණැන පහන් දල්වාගත් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධිය හිමි කර ගනු ලැබුවේ සිය සහජ කුසලතාවන් මනාව මනාව පිළිඹිබු කරමින්. 1971 වසරේ අප්‍රේල් 26 වනදා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන ගෝඨාභය රාජපක්ෂ නම් රණශූරයා දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය වෘත්තීමය ගමන් මග ඇරඹුවේ 1972 වසරේදීයි.
යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් වසර විස්සක සිය හමුදා දිවියේ ජනාධිපතිවරුන් තිදෙනෙක් අතරින් රණශූරත්වයට පිරි නමන සම්මාන හිමි කර ගැනීමටද ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සමත් වුණා. තුන් හෙලේ රැකුමට ලක් දෙරණට දායාද වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් උතුරේ කොටි ත්රස්තවාදීන්ගේ මිලේච්ඡ ලේ පිපාසයට සදහටම තිත තබමින් ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දමන්නට ආරක්ෂක ලේකම්වරයා ලෙස සේනාධිනායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තිය ලබා දෙමින් ඉටු කළ දැවැන්ත මෙහෙය ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා.
මේ දේශප්‍රේමි නායකයාගේ එඩිතරකමට බිය වූ කොටි ත්‍රස්තයින් 2006 වසරේ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ඝාතනය කිරීමට උත්සාර දැරුවේ අනාගතයේ මෙම නායකත්වය හරහා තමන්ට එල්ල වන බලපෑම අවබෝධ කරගෙන සිටි නිසාවෙනි. එම ප්රහාරයෙන්ද දිවි බේරාගත් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග තිස් වසරක යුද ගිනිදැල් නිවා දමා රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නා බවට සපථ කළා. එය වචනයට පමණක් සීමා නොකරමින් ක්‍රියාවෙන්ද ඔප්පු කළේ ලෝක නායකයින්ගේ ඇස් අරවමින්.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස දේශ හිතෛෂී ජනතා හදවත් තුළින් මතුවූ අපේක්ෂාව වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි. එම ජනතා පැතුම් මල්ඵල ගන්වමින් 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී ප්‍රතිඥා දෙනු ලැබුවේ හැට නව ලක්ෂයේ යුතුකමේ මනාපයට යුතුකම ඉටු කිරීමේ දැවැන්ත කාර්ය භාරය අරඹමින්.
සෞභාග්‍යමත් දැක්මක් සුරක්ෂිත දේශයක් යන්න මුල් කර ගනිමින් රැයක් දවාලක් නොමැතිව මිනිස්සුන් වෙනුවෙන්ම කැපවුණු මේ අසහාය නායකයා ජනතා සේවයටම තහම කාලය කැප කිරීමට තරම් පරිත්‍යාගශීලි වුණා. කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට භාරවූයේ සොදුරු රටක් නම් නොවේ. ගැටලු වලින් පිරුණු ආරක්ෂාව පිළිබද කිසිදු විශ්වාසයක් නැති මත් ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම් ඉහටත් උඩින් ගිය ගිනි ගත් රටකි.
ලෝකයම ගිලගත් කොරෝනා ව්‍යවසනය නොබියව මුහුණ දෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොපැකිලව ඉදිරිපත් වුණා. කොරෝනා පළමු සටන මෙන්ම දෙවන සටනද සාර්ථකව ජය ගැනීමට හැකිවූයේ ජනපතිගේ එම කැපවීම නිසාමයි. පැතිර යන කොරෝනා තුන්වන රැල්ල මැඩලීමේ වගකීමද ජනපතිතුමා උපරිමයෙන් ඉටු කරමින් සිටිනවා.
පරාජිත දේශපාලනඥයන්ගේ අවලාදවලට පිළිතුරක් දෙන්නටවත් ජනපතිදුන්ගෙ කාලය වැය කරන්නෙ නැහැ. වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් හැම තත්ත්පරයක්ම රට වෙනුවෙන් කොළ වල ලියවුණු සැලසුම්වලට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් සැලසුම් සහගතව රට ඉදිරියන ගෙන යන ජනාධිපතිතුමා වැඩ කරන යුගයක් පවත්වාගෙන යන්නේ රළු පොළොවත් කටු පදුරින් පිරුණු කර්කශ මාවතක මිස රෝස මල් යහන් මතින් නොවෙයි.
ජනාධිපති ෆේල් කිව්ව බොහෝ දෙනෙකු කඩා වැටුණු ආර්ථිකයක් ජනපතිට භාරදුන් බව අමතක කිරීම පුදුමයකට කරුණකි. ඔවුන් විනාශ කර දුන් ආර්ථිකය ගොඩ නැගීමත්, කොරෝනාව පාලනය කිරීමත් පියවරෙන් පියවර ඉටු කරමින් ජනාධිපතිතුමා බොහෝ දෙනෙකුට අපූරු ආදර්ශයක් ලබා දෙමින් සිටිනවා. බොහෝ අවස්ථාවන්වල ෆේල් වූ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ කියන්නට දෙයක් නොමැතිව දිනෙන් දින මඩ ප්රචාරයන්ම ක්‍රියාත්මක කළද වැඩ කරන නායකයෙකුට ඔවුන්ට උත්තර සපයනවා වෙනුවට කරන්නට බොහෝ දේ ඇත.
ජනහද ලගටම ගොස් ජනතා ගැටලුවලට පිළිතුරු දෙන ජනදුක හදුනන ජන නායකයෙකුට මේ රට ගොඩ නැගීමට හා සැලසුම් සාර්ථක කර ගැනීමට තමන්ගේම දැක්මක් ඇත. ඒ ඉලක්කයන් සපුරා ගැනීමට ජනපති ක්‍රියා කරමින් සිටි. මේ ශ්‍රී ලංකාද්වීපය අංක එකට ඔසවා තැබීමට වෙර දරන අද සිය 72 වන ජන්ම දිනය සමරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට යෝද බල යෝද ශක්තිය සමග නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවායි යන්න ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ඒකායන ප්‍රාර්ථනයයි. ජනපතිතුමනි ඔබට සුබ උපන් දිනයක්.