ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අම්පාර ලාතුගල ගම්මානයේ ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් හිසට සෙවනක් නැති පවුල් 26 කට නිවාස ඉදිකරල දෙන වැඩපිළිවෙළ ආරම්භ වුණා.
ගම සමග පිළිසදර වැඩසටහනට අනුව ගම්මානයේ අඩු ආදායම් ලාභී කටුමැටි ගැසූ නිවාස 82 ක් හදුනාගත් අතර ඉන් නිවාස 26 ක ඉදිකිරීම් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම එක් නිවසක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 6 ක්. මාස 2 ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීම රජයේ අරමුණයි. තමන්ට නිවසක් තනා ගැනීමට උදව් උපකාර කරන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට අනුව මෙසේ නව නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනතාව තම ප්‍රසාදය පළකළා.