ගිනියා රාජ්‍ය තුළ දෙවන වරටත් සිදු වූ ඉබෝලා වයිරස ව්‍යාප්තිය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
පසුගිය පෙබරවාරි මාසයේදී ගිනියා රාජ්‍යයේදී ඉබෝලා වයිරස ආසාදිතයින් 4 දෙනෙකුහමුවීමත් සමඟ එරට තුළ දෙවන වටයේ ඉබෝලා වයිරස ව්‍යාප්තියක් නිවේදනය කෙරුණා. වයිරසය පුද්ගලයින් 16 දෙනෙකුට වැළඳුනු අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12 ක්. 2014 – 2014 වසරයන්හිදී ගිනියා රාජ්‍ය තුළ පළමුවරට ඉබෝලා වයිරසය පැතිර ගිය අතර එම අවස්ථාවේදී වයිරසය පාලනය කළ ආකාරය අත්දැකීමක් ලෙස ගෙන මෙවර වයිරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දුන් බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. වයිරස ව්‍යාප්තිය මැඩලීමට ප්‍රධාන ලෙසම යොදා ගෙන ඇත්තේ එන්නත්කරණයයි.