සයිබීරියාවේ සිදු වූ ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරිතදිග සයිබීරියාවේ කෙමරෝෆ් ප්‍රාන්තයේදී කුඩා ගුවන් මගී ප්‍රවාහන ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගත කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ මාධ්‍ය වෙත මෙතක් කරුණු හෙළි කර නැහැ.ගුවන්යානය අනතුරට පත්වීමට පෙර එන්ජිමක දෝෂයක් සම්බන්ධයෙන් පාලක මැදිරිය වෙත දැනුවත් කර ඇති බව වාර්තා වනවා. කෙසේ වුවද ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් යානාව අනතුරට ලක් වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිතර වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.