අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ස්ථාන රැසක යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ පිහිටුවා ගත් ප්‍රවුඩ් බෝයිස් සංවිධානය සහ ඇන්ටිෆා සංවිධානයේ සාමාජිකයින් අතර ගැටුම් හටගත් බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. දෙපාර්ශවය අතර ප්‍රහාර උත්සන්න වීමත් සමග ගම්මිරිස් ප්‍රහාර එල්ල කීරීමට ද කටයුතු කර තිබෙනවා. සංවිධාන දෙකේ සාමාජිකයින් අතර ඇතිවූ මත ගැටුමක් මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.
පසුගිය ජනවාරි 6 වනදා අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ නොසන්සුන්තාවට මුල් වුයේ ද ප්‍රව්ඩ් බෝයි සංවිධානයේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ. නව රජය පත්වීමෙන් අනතුරුව ඔවුන් කලහකාරී ලෙස කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය වනවා.