පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන 227 ක් ගෙන්වීමට රජය ගත් තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනුකෙරුණා.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතායි මේ පෙත්සම ගොනුකළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන 227 ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකෙරුණ මෙම පෙත්සමෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු 31 දෙනෙක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. ජනතාව කොරෝනා ව්‍යසනයට මුහුණදී සිටින මෙම වකවානුවේ මහජන මුදල් වැය කරමින් සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම නීතිවිරෝධී බවට තීන්දුකොට ඒ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලීම්කර ඇත්තේ.
කෙසේ වුවද රජය මෙම වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කළ අතර එය පසුගියදා පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ද ඒකමතිකව තීරණය වූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැඩිව ප්‍රකාශ කළා.
මේ තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Cx_xx8tIsU4″]