නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමඟ මෙල්බර්න් නගරයේ එක් කොටසක් වසා දමා තිබෙනවා.
දින 14ක කාලයකට පසු වසා දමා තිබූ මෙල්බර්න් නගරය පසුගිය සතියේදී යළිත්වරක් සාමාන්‍ය ජන කටයුතු සඳහා විවෘත කෙරුණා. කෙසේ වුවද අද දින වයිරස ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමඟ මෙල්බර්න් නරගයේ එක් කොටසක් යළිත් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පසුගිය සති දෙකක කාලයක සිට මේ වන තෙක් මෙල්බර්න් නගරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.