fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැස් සිලින්ඩර් සඟවා පාරිභෝගිකයින් නොමග යැවූ වෙළඳසැල් හිමියෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2021 11:54

ගැස් සිලින්ඩර් සඟවා පාරිභෝගිකයින් නොමග යැවූ වෙළඳසැල් හිමියෙක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් දොලහයි දශම පහේ ගැස් සිලින්ඩර් වෙළදසැලේ තිබියදී එම සිලින්ඩර් නැති බව පවසමින් පාරිභෝගිකයින් නොමග යැැැැැවීමටම කටයුතු කළ වෙළදසැල් හිමියෙක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

පාරිභෝගික අධිකාරියට ලැබුණ තොරතුරකට අනුව පාමංකඩ ප්‍රදේශයේ පිහිටි මෙම ගෑස් අලෙවිසැල පරික්ෂාවට ලක් කෙරුණා. එම අධිකාරියේ නිළධාරියෙකු පාරිභෝගිකයකු ලෙස වෙළඳසැලට පැමිණ කිලෝග්‍රෑම්  දොලහයි දශම පහේ බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් තමාට ලබා දෙන්නැයි එළදසැල් හිමියාගෙන් ඉල්ලා සිටියා. එම අවස්ථාවේ ඔහු සදහන් කර ඇත්තේ එම ගෑස් සිලින්ඩර වෙළදසැල තුළ නොමැති බවයි. ඒ අනුව වෙළදසැල පරික්ෂාවට ලක් කළ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර 27 ක් වෙළදසැල තුළ තිබූ බවත් වැටලීම සිදු කළ නිලධාරීන් සදහන් කළා. වෙළෙදසැල් හිමියාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2021 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්