fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවිතිගල නිවසකට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2021 11:49

නිවිතිගල නිවසකට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ නිවසකට පහර දී ඊට හානි කළ සිද්ධියේ සැකකරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කළ පිරිසක් පිළිබඳ තොරතුරු ලබා දීම නිසා මෙම ප්‍රහාරය එල්ල කළ බවට  නිවෙස් හිමි කාන්තාව කර තිබූ ප්‍රකාශය සාවද්‍ය බවයි පොලීසිය සඳහන් කරන්නේ.

නිවිතිගල , කිරිබත්ගල  ගම්මානයේ පදිංචි එම්. මල්ලිකා මහත්මියගේ නිවස සැකකරුවන් මෙසේ පහරදී විනාශ කර තිබුණා. පස් දරු මවක් වූ ඇය මේ හේතුවෙන් දැඩි සේ අසරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන්  ක්‍රියාත්මත වූ පොලීසිය මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩගුවට ගනු ලැබුවා. ඒ අතර මෙම කාන්තාවගේ පියා සහ පවුලේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ. නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල  වූ බවට නිවස හිමි කාන්තාව ප්‍රකාශ කර තිබූණා. එහෙත් එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔවුන් අතර ඇති ආරවුලක් හේතුවෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මේ අතර  නීතිවිරෝධී ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ නම් ගම් හෙළි කිරීමක් කිසිඳු හේතුවක් නිසා හෝ හෙළි කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එවැනි තොරතුරු ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් 1997 අංකයට ඕනෑම තොරතුරක් ලබාදීමේ හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2021 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්