චීන- ශ්‍රී ලංකා වෙළද හා ආර්ථික සහයෝගතා සංගමය” ස්ථාපිත කෙරේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමය බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ.
දෙරට අතර ආර්ථික හා වෙළද සබදතා තවදුරටත් පුළුල් කිරීම අරමුණයි. මෙම සංගමය හරහා අනාගතයේ දී වඩාත් වැඩි ශ්‍රී ලංකා නිශ්පාදන චීන වෙළදපොලට හදුන්වාදීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා සදහන් කළේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට වැඩි ආර්ථික හා වෙළද අවස්ථා ග්රහනය කර ගැනීමට මෙම සංගමය මගින් අවස්ථාව සැලසෙනු ඇති බවයි.