හෙරොයින් ග්‍රෑම් 26ක් සමඟ කුඩු උක්කුවා නමැති මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම පොලිසිය සමත් වුණා.
වැල්ලම්පිටිය පදිංචි රණසිංහ ආරච්චිගේ ලාල් රෝහිත හෙවත් කුඩු උක්කුවා නමැත්තා ග්‍රෑන්පාස් ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 220 ක් හා මත්කුඩු අලෙවියෙන්උපයාගත් බවට සැක කෙරෙන රුපියල් දාසය ලක්ෂ හතලිස් දහසක මුදලක් ද සොයා ගැනුණා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.