fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතු දත්ත පොතට ඇතුළත් කර ඇති විල්මුව දෙනක ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2021 11:50

රතු දත්ත පොතට ඇතුළත් කර ඇති විල්මුව දෙනක ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

ලෝකයේ වදවී යන සත්ත්වයන් පිළිබද රතු දත්ත පොතට ඇතුළත් කර ඇති විල්මුව දෙනක කරන්දෙණිය ප්‍රදේශයේදී තුවාල ලබා සිටියදී බේරාගෙන ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.

කරන්දෙණිය ප්‍රදේශයේ කුරුදු ඉඩමක සුනඛයන් සපා කා සිටියදී මෙම විල්මුව දෙන හමුවුණා. මෙම සත්ත්වයා ගැබ්බර තත්ත්වයේ සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීන් පිරිසක් පැමිණ වනජීවී රැදවුම් මධ්‍යස්ථානයක් වෙත විල්මුව දෙන රැගෙන යාමට කටයුතු කළා. බටපොල කොස්ගොඩ ප්‍රදේශයේ කුරුදු ඉඩම් ආශ්‍රිත ළදු කැළෑවල මෙම විල්මුවන් ජීවත් වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2021 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්