කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය තුළදී දිනක් තුළ වැඩිම එන්නත් ලබා දීම ඊයේ සිදුකෙරුණු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියලු දෙනාටම දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා රට තුළ ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා. එබැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකරගත යුතු නැති බවයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව 1269157 කට ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. එම එන්නතේ දෙවන මාත්‍රාව ද 154640 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ද 925242 කුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 355358 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් වී එන්නත 64986 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අංගොඩ රාහුල විද්‍යාලයේදී සිදුකෙරුණා. දහසකට වැඩි පිරිසකට එහිදී එන්නත් ලබා දුන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව සිය ප්‍රසාදය පළ කළා.
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේදී ද ස්පුට්නික් වී එන්නත ලබා දීම සිදුකෙරුණා. එහිදී 500 දෙනෙකුට වැඩි පිරිසකට එන්නත් ලබා දීම සිදුවුණා.
වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේ පොලිස් නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සඳහා එන්නත් ලබා දීම අද සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0Mso7qpFKog”]