fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුල්ලන් සදහා ලබා දෙන ඖෂධ නීතිවිරෝධීව ගෙන්වා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2021 12:04

කුරුල්ලන් සදහා ලබා දෙන ඖෂධ නීතිවිරෝධීව ගෙන්වා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කුරුල්ලන් සදහා ලබා දෙන ඖෂධ කුවේට් හි සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කර තිබුණා. පශු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම ඖෂධ ගෙන්වා විකිණීම් සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.

ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට වැඩි බව පොලිසිය සදහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2021 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්