කාබනික පොහොර භාවිතයත් සමග තේ ඇතුළු මෙරට අපනයන භෝග සදහා ලෝක වෙළෙදපොලේ ඉහළ මිලක් ලැබෙනු ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මේබව සදහන් කළේ. තේ පොල් රබර් වැනි වැවිලි භෝග සදහා කාබනික පොහොර භාවිත කිරීමේ දී ගත යුතු පියවර පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. දිලීර නාශක සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජය හරහා ආනයනය කර අව්‍යතාව පරිදී නිකුත් කිරීමට ද පියවර ගැනෙනවා. ඉවක් බවක් නොමැතිව කෘෂි රසායන හා රසායනික පොහොර භාවිත කිරීම නිසා පරිසරයට සිදුවිය හැකි හානිය වළක්වා ගැනිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, කනක හේරත් හා ජානක වක්කුඹුර යන මහත්වරුන්ද අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WpfLXXSR9RU”]