නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු ධීවර යාත්රාවක් මගින් මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ ධීවර යාත්රාවට එරෙහිව නීතිය ක්රියාත්මක කරන අතර සැකකරු ආගමන විගමන නීති උල්ලංඝනය සහ නිරෝධායන නීති උල්ලංඝනය මත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.