fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙට්‍රික්ටොන් තිස් දහසක වාර්තාගත කහ අස්වැන්නක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2021 13:24

මෙට්‍රික්ටොන් තිස් දහසක වාර්තාගත කහ අස්වැන්නක්

දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණෙන් සුළු අපනයන භෝග ආනයනය තහනම් කිරීමට රජය ගත් පියවර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.

ඒ අනුව කහවලින් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙට්‍රික්ටොන් තිස් දහසක වාර්තාගත කහ අස්වැන්නක් ලැබී තිබෙනවා.

මහනුවර, අම්පාර,  කෑගල්ල, ගම්පහ,  කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලට මූලිකත්වය දෙමින් දිවයින පුරා කහ වගා කෙරුණා. ඒ සදහා රජය විසින් ගොවියන් දිරිමත් කළ අතර බීජ මිලදී ගැනීමට වැය වන මුදල් රජය මගින් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කෙරුණා.

2020 වසරේදී කහ කිලෝග්‍රෑමයක් වගා  කිරීම සදහා ලබා දුන් රුපියල් 100 ක  මුදල 2021 වසරේදී රුපියල් 200 දක්වා ද වැඩි කෙරුණා. කුළු බඩු සංස්ථාව හරහා කහ සංචිතයක් තබා ගැනීම ආරම්භ කළේ අනාගතයේ කහ හිගයක් ඇති වීම වළක්වාගැනීම සදහායි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2021 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44
Skip to content