නවසීලන්තයේ හෙද නිලධාරීන් තිස් දහසක් වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
වැටුප් වර්ධක සහ ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි රජය පිළිනොගැනීම හේතුවෙන් පැය 8 ක වැඩවර්ජනයක නිරත වීමට ඔවුන් තීරණය කර තිබෙනවා. හෙද නිලධාරීන්ගේ වැටුප 17 %කින් වැඩි කර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. එහෙත් රජය එය 1.4%කින් වැඩි කිරීමට එකඟත්වය පළ කළා. මෙම වර්ජනය හේතුවෙන් හදිසි නොවන සැත්කම් සහ බාහිර රෝගී ප්රතිකාර සියල්ල නවතා දමා තිබෙනවා.