අපේ රට නැවතත් 6% ක සංවර්ධන වේගය ඉක්මවා යන මාවතට යොමු වී තිබෙන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විදේශ විනිමය ඉලක්ක කරගනිමින් වැඩසටහන් රැසකුත් ක්රියාත්මක බවයි අග්රාමාත්යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
එසේම තවත් කරුණු රැසක් පිළිබදව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ ශ්රී ලංකා ආයෝජන සංසදය – 2021 දෙවන දින සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි.
ආයෝජන මණ්ඩලය කොළඹ කොටස් වෙළෙදපොල හා ලංකා වානිජ මණ්ඩලය එක්ව සංවිධාන කරන මෙම සංසදය පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/DDBNRElkzLE”]