fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසත්‍ය ප්‍රචාර කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට – පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 18:31

අසත්‍ය ප්‍රචාර කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට – පොලිසියෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

අසත්‍යය ප්‍රචාර ව්‍යාප්ත කිරීම මගින් මහජනතාව අතර අසමගිය සහ වෛරය ඇතිකිරීමත් කොවිඩ් 19 වැඩපිළිවෙලට බාධා පැමිණීමත් සිදුවිය හැකි බැවින් එවැනි අසත්‍යය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරයන් මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සදහා පෙළඹීමද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනවා.

මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්