fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගන්නැයි ඉල්ලා රතන සූත්‍ර දේශනාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 12:35

කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගන්නැයි ඉල්ලා රතන සූත්‍ර දේශනාවක්

කොවිඩ් වසංගතය පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ  ප්‍රශස්ත මට්ටමක පවතින බව පූජ්‍ය ඔමාරේ කස්සප ස්වාමීන් වහන්සේ පවසනවා. කඹුරුපිටිය සපුගොඩ ඉලම්ගන්ගොඩ විහාරස්ථානයේ පැවති රතන සූත්‍ර දේශනයට සහභාගි වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යවසනයෙන් රට මුදා ගන්නා ලෙස අධිෂ්ඨාන කරමින් රතන සූත්‍ර දේශනයක්  කඹුරුපිටිය සපුගොඩ ඉලම්ගන්ගොඩ විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.  පසුගිය වෙසක් පොහෝ දිනයෙන් ආරම්භ වුණු රතන සූත්‍රය ලක්ෂ වාරයක් දේශනා කිරීමට නියමිතයි. ඊයේ දිනයේ දී රතන සූත්‍රය දේශනය සදහා මහා සංඝ රත්නයට ආරාධනා කිරීම ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්