fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබනික පොහොර සටන ජයගන්න අභියෝග නොතකා මහජන නියෝජිතයින් ක්‍රියා කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 12:25

කාබනික පොහොර සටන ජයගන්න අභියෝග නොතකා මහජන නියෝජිතයින් ක්‍රියා කළ යුතුයි

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් මහජන නියෝජිතයන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.

වස විෂෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ ඉලක්කයයි. ඒ සඳහා ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචන එල්ල වුව ද අනාගත දරු පරපුරේ යහපත උදෙසා එය ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය තොග ප්‍රමාණවත් තරම් පවතිනවා. ඒ හේතුවෙන් සියලු වගා කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවන අතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙන්ම පසුගිය අයවැයෙන් ද මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කෙරුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2021 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්