ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදීත් කොරෝනා වෛරස ආසාදිතයන් 11 දෙනෙකු හමුවී තිබෙනවා.
සතියක කාලයකට පසු එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තය වසා දමා දින 11 ක පමණ කාලයක් ගතවී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු නිවෙස බලා පිටත්වීමෙන් පසු ඔහුගෙන් වෛරසය අනෙකුත් ආසාදිතයන්ට පැතිරී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී තිබෙනවා. මෙම නව ආසාදිතයන් සියලු දෙනාම එම කොරෝනා පොකුරට අයත් වන බවයි වාර්තා වන්නේ. නව වෛරස ආසාදිතයන් අතර ඩෙල්ටා නමින් හැදින්වෙන ඉන්දීය කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් ද වන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.