fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචරණ සීමා ක්‍රියාත්මක වන අතරේ සිදු වූ පාපැදි සොරකම

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2021 15:08

සංචරණ සීමා ක්‍රියාත්මක වන අතරේ සිදු වූ පාපැදි සොරකම

සංචරණ සීමා ක්‍රියාත්මක වන අතරේ සිදු වූ සොරකමක් අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණා.

අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් වෙනුවෙන් මරදාන ප්‍රදේශය වෙත පැමිණි පුද්ගලයෙකු තම පාපැදිය නතර කර පිටත්ව යාමෙන් පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම පාපැදිය සොරකම් කරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණේ මෙලෙසයි. මෙම පාපැදිය රුපියල් එක්ලක්‍ෂ දසදහසකට වැඩි වටිනාකමකින් යුත් එකක් බවයි පොලීසිය පවසන්නේ. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2021 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්