යේමනයේ මාරිබ් ප්රදේශය ඉලක්ක කරගනිමින් හූදි කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්රහාර කිහිපයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පිරිස අතරට අවුරුදු 5ක් වයසැති කුඩා ගැහැණු දරුවකු ද අයත්. තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. හූදි කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්රහාරයන්ගෙන් එක් මිසයිලයකින් ඉන්ධන පිරවුම්හලක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා. හූදි සටන්කරුවන්ගෙන් මෙම ප්රහාර ජගත් සංවිධානය සහ ඇමෙරිකාව එක්ව හෙළා දැකිය යුතු බවත් එම ප්රහාර යුද අපරාධ ලෙස නම් කරන ලෙසත් යේමනය ඉල්ලා සිටිනවා. ඕමාන රජයේ මැදිහත්වීමෙන් යේමන හා හූදි සටන්කරුවන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරයි මෙම ප්රහාර එල්ල වී ඇත්තේ.