චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අනුව මෙරටට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුවයි සයිනොෆාම් එන්නත් තවත් තොගයක් අද උදෑසන මෙරටට රැගෙන අනු ලැබුවේ. එම එන්නත් තොගය කොළඹ මරදාන පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා. ලොරි 20 ක් මගින් එන්නත් තොගය එම ස්ථානයට රැගෙන ආ අතර එහි නිලධාරීන් එන්නත් භාරගැනීම සිදුකළා.
සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින් දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඉදිරි සතිය තුළදීත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් මෙරටට ලබාදෙන බවට නිෂ්පාදන ආයතනය දන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
මේ අතර එන්නත් කරණ වැඩසටහන යටතේ ලක්ෂ දහනවයකට වැඩි පිරිසකට එන්නත ලබාදී තිබෙනවා. ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 353,156 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 953,480 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 64,986 ක්.
බස්නාහිර මෙන්ම දිස්ත්‍රික් කිහිපයක එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භකර තිබෙනවා. බරිගොඩ සහ කල්ලියද්ද ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව වෙත එන්නත ලබාදීම කල්ලියද්ද ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේ දී සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VTy7QjrD7B8″]