ඊශ්‍රායලයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී අල්ජසීරා රූපවාහිනී නාලිකාවට අයත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම මාධ්‍යවේදීන්ට ඊශ්‍රායල පොලීසිය වධහිංසා සිදුකර ඇති බව ද වාර්තා වනවා. නැගෙනහිර ජෙරුසලමේ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරනවා. කෙසේ වුව ද මේ වන තෙක් ඔවුන්ට විරුද්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.