fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලිමීටර් 201ක වැඩිම වර්ෂාපතනය කෑගල්ලට

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2021 12:45

මිලිමීටර් 201ක වැඩිම වර්ෂාපතනය කෑගල්ලට

අද උදෑසන 07.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, මුදුගමුව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එම අගය මිලිමීටර් 201 ක්.

අල්ගම ප්‍රදේශයෙන් මිලිමීටර් 192.5 ක වර්ෂාපතනයක් මාතලේ, යටවත්ත ප්‍රදේශයෙන් මිලිමීටර් 147 ක්, වරකාපොල ප්‍රදේශයෙන් මිලිමීටර් 138 ක් සහ නුවරඑළිය කළුගල ප්‍රදේශයෙන් මිලිමීටර් 120.5 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා‍.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැක.වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2021 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්