කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි මෙම සාමාජිකයන් පත් කළේ.
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම කොමිසම පත් කර ඇත්තේ. එහි සෙසු සාමාජිකයන් වන්නේ මහාභාණ්ඩගාර ලේකම් එස්.ආර් ආටිගල, ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි හා මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රොහාන්ද සිල්වා යන මහත්වරුන්.
මේ අතර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ මුණගැහුනා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියා සහාය ලබාදීම මෙන්ම දකුණු ආසියා කලාපය උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නගා සිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද එහිදී අවධානයට ලක් වුණා. කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී අනතුරු දෙකක් සිදු වූ අතර එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී සදහන් කළේ.
කාබනික පොහොර මත පදනම් වූ කෘෂිකර්මාන්තය පිලිබදවද වැඩි අවධානයක් යොමු වුණා. ඉන්දියාව, මැදපෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළදපොලක් මෙරට ස්ථාපිත කිරීමේ හැකියාව පිලිබද ඕස්ට්‍රේලියා මහකොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. දෙරට අතර වසර 75 ක මිත්‍රශීලී සබදතාව සිහිගන්වමින් ඕස්ට්‍රේලියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලබන 3 වනදා වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් මෙරටට ලගාවීමට නියමිතයි.ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.