එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියාසිටියේ.
ලබන මස 02 වැනිදා සිට එම දීමනාව ලබා දීමට කටයුතු කරන බව ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.